ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකයි - සම්පුර්ණ යථා තත්වයට පත් වීමක්සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම යා යුතුයි
2025 අප්‍රේල් 1
මෙම මාර්තු මාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) සහාය ලබන ශ්‍රී ලංකාවේ සිව් අවුරුදු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි ප්‍රථම භාගය සාර්ථකව සම්පුර්ණ කිරීමසනිටුහන් කරයි. එම වැඩසටහන ආරම්භයේ සිට ගත වූ වසර දෙක තුළ දී ශ්‍රී ලංකාවේ ජනතාවගේ කැපවීම සහ කැපකිරීම් වල සහායයෙන්, සැලකිය යුතු ජයග්‍රහණ සමඟ දුෂ්කර නමුත් අත්‍යාවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සිදු කරන ලදී. ඉන්ධන, ආහාර පිසීමට යොදා ගන්නා ගෑස්, සහ ඖෂධ සඳහා තවදුරටත් පෝලිම් නොමැති වීම සහ පෙර දැනුම්දීම් මගින් සිදුවන විදුලි කප්පාදු කිරීම්නොමැති වීම මෙහිදී වඩාත් කැපී පෙනෙයි. ආර්ථිකය ශක්තිමත්ව හා ඉක්මනින් යථා තත්ත්වයට පත් වී ඇත - එය 2024 වසරේ දී සියයට 5 කින් වර්ධනය වූ අතර 2018 වසරේ පැවති උපරිමයක සිට 2023 වසරේ අවමයක් වාර්තා කිරීම දක්වා වූ කාල සීමාව තුල අහිමි වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් හරි අඩක් ඉන්පසු ගතවූ මාස 18ක් වැනි කෙටි කාලයක් තුලදී යථා තත්වයට පත් කර ගැනීමට සමත්විය.. උද්ධමනයේ සීග්‍ර ඉහල යාම නතර වී ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම තුනෙන් දෙකකට වඩා වැඩි වී ඇති අතර පොලී ගෙවීම් හැර රජයේ ශේෂය (ප්‍රාථමික ශේෂය) ප්‍රතිශතාංක 6 කින් පමණ වැඩි වී ඇත. බොහෝ කුටුම්භවලට තවමත් එහි බලපෑම දැනී නොමැති වුවද, සාර්ව ආර්ථික පරිවර්තනය කැපී පෙනෙන සුලුවේ.
විදේශීය ණයහිමියන් විසින් ලබා දෙන ණය සහන හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට දැරීමට සිදුවන ණය බර අඩු වී ඇත. විදේශීය ණයහිමියන් විසින් ඇ. ඩොලර් බිලියන 3 ක ණය කපාහැරීමක් ලබා දී ඇති අතර, නුදුරේදීම ගෙවීමට නියමිතව ඇති හෝ දැනටමත් කල් ඉකුත් වී ඇති තවත් ඇ. ඩොලර් බිලියන 25ක් ගෙවීම, ඉතාමත් අඩු පොලී අනුපාත සහිතව ඉදිරි වසර 20 ක් දක්වා දිගුකාලීනවගෙවීම සඳහා දීර්ඝ කර ඇත. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි ගණුදෙනුවනණය උපකරණ ජාත්‍යන්තර බැඳුම්කර දර්ශකවලට ඇතුළත් වන බැවින් ඒවා නැවතත් ආයෝජකයින් සඳහා ආකර්ශනීය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම අවම වශයෙන් මට්ටම් 3 කින් ඉහළ නංවා තිබේ. 2023 වසරේදී සියයට 30 ක උපරිමයක සිට දැනට සියයට 8 දක්වා දේශීය ණය ගැනීමේ පිරිවැය තියුණු ලෙස පහත වැටීමත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ස්වෛරී අවදානම් “අධිමිල” දර්ශකය සියයට 70 ක උපරිමයක සිට සියයට 5 දක්වාත් පහත වැටීමත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණවලට වෙළෙඳපොළෙහි ලැබී ඇති ප්‍රතිලාභ පිලිබිඹු වේ. වගකීම් සහගත ලෙස සැලකිය යුතු ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශය ඉදිරි වසර කිහිපය තුළ දී ළඟා කරගත හැකි වනු ඇත.
වැරදි අතීත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සඳහා ප්‍රමාණවත් සූදානමක් නොමැතිවීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව කණගාටුදායක ලෙස ඉහළ මිලක් ගෙවමින් සිටිති. තිරසාර නොවන අවම බදු සහ ජනතාවට වඩා ව්‍යාපාරයන්ට බොහෝ දුරට ප්‍රතිලාභ ලබා දෙන සැලකිය යුතු බදු නිදහස් කිරීම් අනාගතයෙදී නිසැක ලෙස හානිකර වීමට නියමිතව තිබිණි. අද වන විට රජයට එහි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අරමුදල් සැපයීමේ වර්ධනය වී ඇතත් එහි අනෙක් පැතිකඩ වනුයේ බදු ගෙවන්නන්ට, ඔවුන්ගේ ආදායමට සහ ධනයට සරිලන පරිදි වුවද,, ඉහළ බදු බරක් දැරීමට සිදුවීමයි. එමෙන්ම, ඉන්ධන සහ විදුලිය සඳහා වන සම්පූර්ණ පිරිවැය මේ වනවිට රජයේ සහනාධාර නොමැතිව පාරිභෝගිකයන්විසින්ම දරනු ලබන අතර, එමගින් සීමිත මහජන සම්පත් සමාජ ආරක්ෂණය වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත යොමු කිරීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවට මේ වනවිටත් ඇතිඉතා අවදානම් තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට සහ 2022 දී අත්විඳින ලද ව්‍යසනකාරී තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මෙම කැපකිරීම් අවශ්‍ය වේ.
2023 සිට ජා.මු. අරමුදලේ අරමුදල් සැපයීම, මෙම වැඩසටහන ආරම්භ වීමට පෙර 2022 දී ශ්‍රී ලාංකිකයන් මුහුණදුන් තත්වයට වඩා හානිකර ප්‍රතිඵල ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වී තිබේ. ජා.මු. අරමුදලේ සහාය ලබන ආර්ථික වැඩසටහන මගින් අනෙකුත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් මූල්‍යකරණය දිරිමත් කෙරෙනප්‍රතිසංස්කරණ සඳහා විශ්වසනීය රාමුවක් තවදුරටත් අඛණ්ඩව සපයනු ලැබේ. ලබා දුන් ණය සහනය ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ඉතිරිව ඇති ණය ගෙවීම සඳහා උපකාරී වනු ඇති බවට එමගින් ණය හිමියන්ට සහතික විය.
පසුගිය මැතිවරණයෙන් පසු, බලධාරීන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා කිහිපයක් ඉටු කිරීමට උපකාර කිරීම සඳහා වැඩසටහන තුල යම් ගැලපීම්කිරීමට ජා.මු. අරමුදල, නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට කඩිනමින්සම්බන්ධ විය. සාර්ථක ආදායම් රැස්කිරීමේ උත්සාහයන්හි සහායයෙන්, අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට රජයට ඇති හැකියාව පවත්වා ගනිමින් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ජනතාවට යම් සහනයක් ලබා දීමට රජයට හැකි විය. පුද්ගලික ආදායම් බදු සඳහා යම් ගැලපීම්කරන ලද අතර, පෙර පැවතී ඉහළ උද්ධමනයට යම් මට්ටමක සහනයක් ලබා දීම සඳහා රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන ලද අතර, කිරි නිෂ්පාදන භාවිතා කරන්නන්ට යම් සහනයක් ලබා දෙන ලදී.
වැඩසටහනෙහි ප්‍රථම භාගය සාර්ථකව සම්පුර්ණ කිරීම සමග , ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යාම සහ අතීතයේ සිදු වූ ප්‍රතිපත්තිමය වැරදි වළක්වා ගැනීම වැදගත් වේ. වත්මන් වැඩසටහනට පෙර ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද ජා.මු. අරමුදලේ වැඩසටහන්වලින් අඩක් පමණ නියමිත කාලයට පෙර අවසන් වූ අතර, වැඩසටහනින් පසු කාලය තුල ආර්ථික කාර්යසාධනය අවම විය.. අවිනිශ්චිත ගෝලීය පරිසරයක් තුළ දී පවා යථා තත්ත්වයට පත්වීම තවදුරටත් පවත්වා ගත හැකි වන පරිදි සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට එමගින් ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම කලින් කලට ඇතිවන ආර්ථිකයේ ඉහළ පහල යාම් පාලනය කිරීමසහ ආර්ථිකය කළමනාකරණය කිරීම වැදගත් වේ.
ස්ථාවර හා සර්ව සහභාගිත්වයකින් යුත් වර්ධනයක් සහ රාජ්‍ය මුල්‍ය හා ණය තිරසාරභාවය සඳහා වන මාවතෙහි තවමත් බාධා පවතී. ප්‍රතිපත්තිමය වැරදි සඳහා ඉඩක් නොමැත. බදු නිදහස් කිරීම් සීමා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග සමගින් අත්‍යවශ්‍ය රජයේ සේවාවන් සඳහා අවශ්‍ය රාජ්‍ය ආදායම් අඛණ්ඩව ලබා දීම වැදගත් වනු ඇත. ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මිලකරණය නැවත ඇති කිරීමසහ සමාජ ආරක්ෂණය වඩාත් අවදානමට ලක්වූ පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමිවන පරිදි නිවැරදිව ඉලක්ක කිරීම සහතික කිරීම මගින් සීමිත පොදු සම්පත් ආරක්ෂා කළ යුතුය. දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට ආර්ථික පරිවර්තනය සඳහා ප්‍රමාණවත් ලෙස සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතුය. ශ්‍රී ලංකාවේ දිගුකාලීන විභවය මුදා හැරීම සඳහා, මැදි කාලීන ආර්ථික වර්ධනයට සහාය වන ප්‍රාග්ධන වියදම් වඩාත් පුරෝකථනය කළ හැකි පරිදි ක්‍රියාත්මක කළ යුතුය.
ඉදිරියේ දී සිදු කිරීමට ඇති කාර්යය අභිලාෂකාමී නමුත් කළ හැකි දෙයකි. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම, පූර්ණ ලෙස යථා තත්වයට පත් වීම සඳහා මූලික වනු ඇති අතර එය මෙම පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවන්ට ද ප්‍රතිලාභ ලබා දෙනු ඇත. සියලුම පුරවැසියන්ගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කරමින් ශක්තිමත් සහ කල් පවතින යථා තත්වයට පත් වීමක් සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථිර හවුල්කරුවෙකු ලෙස පවතිනු ඇත.
***
පීටර් බ්‍රෝයර් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩලයේ හිටපු ප්‍රධානියා වේ; මාර්තා ටෙස්ෆයේ වෙල්ඩමිකයිල් මහත්මිය යනු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරියයි.