ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍යමය සහාය ලබා දීමට එ.ජ. ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කරයි

2025 දෙසැම්බර් 19

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී.
  • මෙම කඩිනම් මූල්‍යන උපකරණය මගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලැබෙනු ඇත.
  • මෙම සුළි කුණාටුවේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා ජා.මූ. අරමුදලේ වැඩසටහනෙන් උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේ ද යන්න ඇගයීමට යම් කාලයක් ගත වන බැවින්, විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කෙරිණි. ඊට අදාළ සාකච්ඡා 2026 මුල් භාගයේ දී යළි ඇරඹෙනු ඇත.

වොෂින්ටන්, ඩී.සී.: ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් මිලියන 150.5ක (ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමාන, එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ) මූල්‍යන පහසුකම මුදා හැරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී. මෙම හදිසි මූල්‍යමය සහාය මගින් නොවැම්බර් 28 වන දින දිවයිනට අහිතකර බලපෑම් ඇති කළ ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් පසු ව ඇති වූ හදිසි ගෙවුම් තුලන සහ රාජ්‍ය මූල්‍ය පීඩන සඳහා පිළියම් යෙදීමට සහාය වනු ඇත.

විස්තීර්ණ මූල්‍ය පහසුකමෙන් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් කැප වී සිටියි. විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වන පස්වන සමාලෝචනය සම්පූර්ණ වීමට ආසන්න ව තිබිය දී ශ්‍රී ලංකාවට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය. අරමුණු සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා ආරක්ෂා කර ගනිමින්, මෙම සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික බලපෑම තක්සේරු කිරීමටත්, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැඟීමේ ප්‍රයත්න සඳහා ජා.මූ. අරමුදලෙහි මෙම වැඩසටහනින් උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේ ද යන්න ඇගැයීමටත් යම් කාලයක් අවශ්‍ය වන බැවින්, පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කෙරිණි. ඒ අනුව, ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2026 වසර  මුල් භාගයේ දී සාකච්ඡා යළි ඇරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසු, නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ වැඩ බලන සභාපති, කෙන්ජි ඔකමුරා මහතා විසින් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී:

ජීවිත 600කට වැඩි ප්‍රමාණයක් අහිමි කරමින් සහ තවත් මිලියන ගණනකට බලපෑම් ඇති කළ ව්‍යසනකාරී සුළි කුණාටුවකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රට පුරා පුද්ගලයන් 100,000කට වඩා  වැඩි පිරිසක් අවතැන් වූ අතර, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ වී  ජීවනෝපාය අඩාල විය. හදිසි මානුෂීය සහ යළි ගොඩනැගීම් අවශ්‍යතා නිර්මාණය කරමින් මෙම ව්‍යසනය සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය පීඩන සහ ගෙවුම් තුලන අවශ්‍යතා මතු කළේ ය.  ජා.මූ. අරමුදල විසින් කඩිනම් මූල්‍යන උපකරණය යටතේ ලබා දුන් හදිසි මූල්‍යමය සහාය අනෙකුත් මූල්‍යනයන් ලබා ගැනීම සඳහා උපකාරීවන අතරම, මෙම පීඩන අවම කර ගැනීමට සහාය වනු ඇත.   

“2025 වසරේ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයෙහි සහාය ඇති ව රජය සහන ක්‍රියාමාර්ග රාශියක් සමග කඩිනමින් ප්‍රතිචාර දැක්වී ය. අවශ්‍ය වුවහොත් මූල්‍ය පද්ධතියට ද්‍රවශීලතා සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටියි.

“යථා තත්ත්වයට පත් වීම සහ යළි ගොඩනැගීමේ අවශ්‍යතා අතිවිශාල වුවත්, රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරබව ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විචක්ෂණභාවය පවත්වා ගැනීමට බලධාරීහු කැප වී සිටිති. සියලු ම හදිසි වියදම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූල ව සහ විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ ප්‍රමිතීන්ට සමගාමී ව වැඩි දියුණු කළ අධීක්ෂණ සහ නිරන්තරයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගවල සහාය ඇති ව  සිදු කෙරේ. මහ බැංකුව අඛණ්ඩව අයවැය මූල්‍යකරණයෙන් වැළකී සිටිනු ඇත.

“ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිට යළි නැගිටිමින් සිටින සහ ජා.මූ. අරමුදලේ සහාය ලබන විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින අවධියක මෙම සුළි කුණාටුව ඇති විය. ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් වීම, මිල ස්ථායීතාව, සැලකිය යුතු ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ විදේශ විනිමය සංචිත යළි ගොඩනැගීමේ ප්‍රගතිය අත්පත් කරගැනීමට ප්‍රතිසංස්කරණ  න්‍යාය පත්‍රයට තිරසර ලෙස අනුගත වීම හේතු වී ඇත. කෙසේ වෙතත්, ආර්ථිකය තවදුරටත් යම් අවදානමට ලක්විය හැකි අතර, දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට පත් වී නොමැත.

“බලධාරීන් සහ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායම සමීප සබැඳියාවක් පවත්වන අතර, හැකි ඉක්මනින් විස්තීර්ණ ණය පහසුකමෙහි සාකච්ඡා යළි ආරම්භ කෙරෙනු ඇත. මෙම අසීරු අවස්ථාවේ දී ජා.මූ. අරමුදල ශ්‍රී ලංකාවේ ජනතාව සමග සිටින අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා අඛණ්ඩ ව සහාය ලබා දෙනු ඇත. 

 

ශ්‍රී ලංකාව: තෝරාගත් ආර්ථික දර්ශක 2024-2027

 

 

2024

 

2025

2026

2027

 

 

 

 

පුරෝකථන

       

 

   

දළ දේශීය නිෂ්පාදිතය සහ උද්ධමනය (ප්‍රතිශතයක් ලෙස)

           

මූර්ත ද.දේ.නි.

 

5.0

 

4.2

2.9

3.1

උද්ධමනය (සාමාන්‍ය) 1/

 

1.2

 

-0.3

5.4

5.0

උද්ධමනය (කාලච්ඡේදය අවසානයේදී) 1/

 

-1.5

 

2.8

5.7

5.2

ද.දේ.නි. අවධමනකයේ වර්ධනය

 

3.8

 

2.2

5.4

5.0

නාමික ද.දේ.නි. යේ වර්ධනය

 

9.0

 

6.4

8.5

8.2

 

 

 

 

 

ඉතුරුම් හා ආයෝජන (ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස)

         

ජාතික ඉතිරිකිරීම් 2/

 

28.7

 

25.5

23.2

23.3

  රජය

 

-3.0

 

-1.2

-0.6

0.1

  පෞද්ගලික

 

31.7

 

26.7

23.8

23.1

ජාතික ආයෝජන

 

27.0

 

24.9

23.6

23.2

  රජය

 

5.0

 

4.8

5.4

4.8

 පෞද්ගලික

 

21.9

 

20.1

18.2

18.3

ඉතුරුම්-ආයෝජන ශේෂය

 

1.8

 

0.6

-0.4

0.1

  රජය

 

-8.0

 

-6.0

-6.0

-4.7

 පෞද්ගලික

 

9.8

 

6.6

5.6

4.8

 

 

 

 

 

රාජ්‍ය මූල්‍ය (ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

         

ආදායම් සහ ප්‍රදාන

 

13.7

 

16.0

15.2

15.2

වියදම

 

19.1

 

20.3

20.0

19.0

ප්‍රාථමික ශේෂය

 

2.2

 

3.4

2.0

2.3

මධ්‍යම රජයේ ශේෂය

 

-5.4

 

-4.3

-4.8

-3.7

මධ්‍යම රජයේ දළ මූල්‍යන අවශ්‍යතා

 

21.9

 

21.6

19.8

14.8

මධ්‍යම රජයේ ණය

 

100.8

 

99.8

100.6

97.9

රාජ්‍ය ණය 3/

 

105.7

 

104.1

104.6

101.3

 

 

 

 

 

 

මුදල් හා ණය (ප්‍රතිශතය වෙනස්වීම, කාලච්ඡේදය අවසානය)

 

 

 

 

 

 

සංචිත මුදල්

 

15.8

 

15.8

6.6

8.2

පුළුල් මුදල්

 

8.6

 

12.0

12.5

8.2

දේශීය ණය

 

4.0

 

12.2

8.2

5.6

පුද්ගලික අංශයට ලබා දුන් ණය

 

10.7

 

22.3

12.2

9.3

පුද්ගලික අංශයට ලබා දුන් ණය (උද්ධමනය සඳහා ගලපා)

 

9.5

 

22.6

6.7

4.3

මධ්‍යම රජය සහ රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය

 

-1.4

 

3.1

3.9

1.2

 

 

 

 

 

 

ගෙවුම් ශේෂය (එ.ජ. ඩොලර් මිලියන)

 

 

 

 

 

 

අපනයන

 

12,772

 

13,231

13,382

14,181

ආනයන

 

-18,841

 

-21,281

-22,664

-23,291

ජංගම ගිණුමේ ශේෂය

 

1,733

 

604

-386

107

ජංගම ගිණුමේ ශේෂය (ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

 

1.8

 

0.6

-0.4

0.1

ජංගම ගිණුමේ ශේෂය ශුද්ධ පොලිය (ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස)

 

3.7

 

2.6

1.5

2.1

අපනයන අගය වර්ධනය (ප්‍රතිශතය)

 

7.2

 

3.6

1.1

6.0

ආනයන අගය වර්ධනය (ප්‍රතිශතය)

 

12.1

 

12.9

6.5

2.8

 

           

දළ නිල සංචිත (කාලච්ඡේදය අවසානයේදී)

           

එ.ජ. ඩොලර් මිලියන

 

6,122

 

6,550

8,884

13,371

වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන

 

3.0

 

3.0

3.9

5.6

සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස

 

50.5

 

53.1

70.4

100.0

චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ කොන්දේසි අනුව ගිණුම් ගත කෙරෙන දළ නිල සංචිත (කාලච්ඡේදය අවසානයේදී)4/

           

එ.ජ. ඩොලර් මිලියන

 

4,716

 

5,144

8,884

13,371

වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන

 

2.3

 

2.3

3.9

5.6

සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස

 

38.9

 

41.7

70.4

100.0

විදේශ ණය (රාජ්‍ය සහ පුද්ගලික) 5/

 

 

 

 

 

 

එ.ජ. ඩොලර් බිලියන

 

57.1

 

53.4

55.6

59.5

ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස

 

57.7

 

50.6

52.3

54.8

 

 

 

 

 

 

විශේෂ සටහන්:

 

 

 

 

 

 

නාමික ද.දේ.නි. (රුපියල් බිලියන)

 

29,899

 

31,819

34,512

37,351

විනිමය අනුපාතිකය (කාල පරිච්ඡේදයේ සාමාන්‍යය)

 

302.0

 

විනිමය අනුපාතිකය (කාල පරිච්ඡේදය අවසානයේදී)

 

293.0

 

මූලාශ්‍ර: ශ්‍රී ලංකා බලධාරීන් විසින් සපයන ලද දත්ත සහ ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩල ඇස්තමේන්තු

1/ කොළඹ පාරිභෝගික මිල දර්ශකය

2/ මුදල් පදනම, උපචිත නමුත් නොගෙවූ පොලිය හැර

3/ මධ්‍යම රජයේ ණය, රාජ්‍ය ඇපකර මත ගනු ලැබූ ණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය වගකීම් (එනම්, නොපියවූ අරමුදල් ණය සහ ජාත්‍යන්තර විදේශ විනිමය හුවමාරු පහසුකම්) ඇතුලත් වේ. ණය සංඛ්‍යාලේඛන දැනට උපකල්පනය කරන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම 2023 වසර අවසානයේ අවසන් කර ඇති බවයි.

4/ චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම (2024 දී සිදු කල තක්සේරුව මත පදනම්ව එ.ජ. ඩොලර් බිලියන 1.4) භාවිත කළ හැකි වන්නේ, එය හැර, පෙර වසරේ භාණ්ඩ හා සේවා ආනයන ආවරණයෙන් මාස 3කට වඩා දළ ජාත්‍යන්තර සංචිත ඉහළ ගිය පසුවයි.

5/ දත්ත පවතින විට, වෙළඳපොළ වටිනාකම මත පදනම් ව